Ads Top

ඔයාට මාව මතකද ඒයි ?

 


අමතකව ගිය නුඹව  

කාලෙකින් මතක් විණි    

මිතුරු කතාවක් මැද  

අපේ ආදර කතාව දිග හැරුණි  

සිනහා මැද නුඹ මතක් වෙනකොට   

එදා මෙන්ම හිත රිදිනි  

හිත් කොනක තවමත් ලියැලෙන  

ආදරය නිසා බව දනිමි  

නුඹව මම දනිමි  

අපිව මම දනිමි  

  

ඉතිං ඔබ මෙය නොදකින්න  

හද කකියන්නට  

කිසිත් නොකියන්න ! 



Siththam Maya | Anu Perera. Powered by Blogger.